தமிழ்
English
Contact
Sunday 15th December 2019    
දූෂිතයන් නැති ඇමති මණ්ඩලය - ගෝඨා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දූෂිතයන් නැති ඇමති මණ්ඩලය – ගෝඨා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!



ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කළ ඇමති මණ්ඩලයේ දූෂණ චෝදනා එල්ලවූවන් සහ පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පුද්ගලයන් සිටීම සම්බන්ධයෙන් දේශපාලන අංශවල අවධානය යොමුවී තිබේ.

අද(27) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අලුතින් රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම සිදුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ, තිලංග සුමතිපාල, සනත් නිශාන්ත, එස්.බී.දිසානායක, රෝහිත අබේගුණවර්ධන වැන්නවුන් පසුගිය කාලයේ විවිධ මුල්‍ය අක්‍රමිකතා, දූෂණ සම්බන්දයෙන් චෝදනා ලැබූ අය බවත් ඔුන් තම පාලනයේ ඇමතිවරුන් ලෙස නම් කිරීම මගින් ගෝඨාභය ජනාධිපතිවරයාද “කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි“ යන න්‍යාය අනුගමනය කර ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

එපමණක් නොව ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් මන්ත්‍රිවරු තබා දේශපාලන නියෝජිතයන් ලෙස අවමන් සහගත ලෙස හැසිරුණ පුද්ගලයන්ද ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ඇමති මණ්ඩලයට නම්කර ඇත. පසුගියදා ඇමති මණ්ඩලය නම් කරද්දී ජොන්ස්ටන් ප්‍රනාන්දු, මාර්ග, මහා මාර්ග සහ වරාය සහ නාවික කටයුතු සඳහාද විමල් වීරවංශ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් ඇමතිධුරයටද පත්කරන ලදී. විශේෂයෙන් දිලුම් අමුනුගම, රෝහිත අබේගුණවර්ධන වැනිවුන්ද පාර්ලිමේන්තුවේ හැසිරුන ආකාරය ජනයා අතර මහත් පිළිකුල් සහගත ප්‍රතිචාරයට හේතු විය. දිලුම් අමුනුගම විසින් කතානායක මේසයේ මයික්‍රෙෆා්නය ගලවා දමන්නට දැරූ උත්සාහයේදී ඔහුගේ අත තුවාල වී රෝහල්ගත කර සිටියේය. තවත් චූදිතයන් පාර්ලිමේන්තු දේපළවලට හානිකරමින් පොත් සහ පුටු විසිකරමින් කළ කටයුතු සජීවීව ජනයාට දක්නට ලැබිනි. මෙවැනි පුද්ගලයන් යළි ඇමි මණ්ඩලයට නම් කිරීමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාදිපතිවරයාගේ පිළිවෙත නිරුවත්වන බව දේශපාලන මත දක්වන්නන්ගේ දෝෂදර්ෂණයට ලක්ව තිබේ.

මෙවැනි චූදිත පුද්ගලයන් සම්බන්ධව විමර්ශන සිදුකිරීම හා යුක්තිය ඉටුකිරීම ප්‍රමාද කිරඑීම නිසා යහපාලන ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට ලක් විය. ගෝඨාභය පාලනයේ නව රාජ්‍ය ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු මෙසේය.

නියෝජ්‍ය ඇමැතිවරු

·        නිමල් ලන්සා – ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය ඇමැති

·        කංචන විජේසේකර – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති

·        ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති

රාජ්‍ය ඇමැතිවරු

·        චමල් රාජපක්ෂ –  රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති

·        වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති

·        ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති

·        මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග  සහ ග්‍රාමීය
සංවර්ධන
 
රාජ්‍ය ඇමැති

·        එස් බී දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති

·        ජොන් සෙනෙවිරත්න – ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති

·        මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති

·        සී.බි.රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය ඇමැති

·        ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති

·        සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිපාන ව්‍යවසාය රාජ්‍ය ඇමැති

·        අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමැති

·        සුසිල් ප්‍රේමජයන්ත – ඡාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය ඇමැති

·        ප්‍රියංකර ජයරත්න – දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය ඇමැති

·        රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති

·        මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය ඇමැති

·        දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය ඇමැති 

·        රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය ඇමැති

·        දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය ඇමැති

·        ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති

·        කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

·        අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

·        තිලංග සුමතිපාල – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති

·        මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා  – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති

·        විජිත බේරුගොඩ  – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති 

·        රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන හා රාජ්‍ය ඇමැති 

·        ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

·        විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

·        ෂෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය ඇමැති

·        කණක හේරත් – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති

·        දිලුම් අමුණුගම – ප්‍රවාහන හා සේවා කළමනාකරණ රාජ්‍ය ඇමැති

·        ලොහාන් රත්වත්තේ – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති

·        විමලවීර  දිසානායක – වනජීවි සම්පත් රාජ්‍ය ඇමැති

·        ජයන්ත සමරවීර – පරිසර රාජ්‍ය ඇමැති

·        සනත් නිශාන්ත පෙරේරා – ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති

·        තාරක බාලසුරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය ඇමැති