தமிழ்
English
Contact
Saturday 15th May 2021    
දෙදරු පියා කලුතර උතුර පොලීසියේදී ගෙලවැලලා ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙදරු පියා කලුතර උතුර පොලීසියේදී ගෙලවැලලා ගනී!



මත්ද්‍රව්‍ය චෝදනා පිට අත්අඩංගුවට පත් දෙදරු පියකු කළුතර උතුර පොලිස් සිරමැදියේදී සියදිවි හානි කර ගෙන තිබේ.

පොලීසිය අනාවරණය කරන්නේ කළුතර, උග්ගල්බඩ පදිංචිකරුවකු වන 32 හැවිරිදි මෙම පුද්ගලයා, ඊයේ (13) උදෑසන සිරමැදිරියේ නිදන්නට දුන් පැදුරක පටියක් ගලවාගෙන ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් පවසන ආකාරයට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවකුවන ඔහු ගෙවල් බිඳුම් 4කට ද සොරකමකට ද චෝදනා ලැබ මහාධිකරණයේ නඩු 14ක් ඇති අයෙකි. මත්ද්‍රව්‍ය චෝදනා මත නඩු 9ක් ඔහුට විරුද්ධව පවතින අතර මේ වන විට ඔහුගේ බිරියද නිවස හැර ගොස් ඇති බව වාර්තා වේ.
සැකකරුවන් මෙවැනි විවිධ හේතු යටතේ මරණයට පත්වීම මෑතක සිට වර්ධනය වී ඇති අතර පොලිසිය පවසන කරුණු මතම මෙවැනි සිදුවීම් සැකකරුවන්ගේ වරද ලෙස සළකා බැලීම විසින් පොලිසිය නිර්දෝෂීය යන පූර්ව නිගමනය ඇතිව සිදුකරන වරදක් බව නීති අංශවල සැකයක් පවතී. මාංචු පිටින් සැකකරුවන් පැනයාම, ආයුධ පෙන්වන්නට ගෙන යද්දී වෙඩි තැබීමට තැත් කිරීම වැනි අවස්ථාවලදී පොලිස් වෙඩිතැබීමෙන් සැකකරුවන් මෙසේ මියයාම සිදුවේ.
පොලිස් සිරමැදිරියේදී මෙවැනි මරණ සිදුවීමේ වරද පොලිසියේ අනාරක්ෂිත රඳවා තැබීමක් ලෙස ප්‍රශ්න කිරීමක් ලංකාවේ නොපවතී. නිවසක සිටින පුද්ගලයකු හෝ සාමාන්‍ය සමාජයේ අයකු පොලිස් භාරයට ගන්නේ නම් ඔහුගේ ජීවිතාරක්ෂාව සම්බන්ධ වගකීම පොලිසිය විසින් භාරගත යුතු බව මෙරටදී තහවුරු වී නැත.