தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න - මෝදි මහින්දගෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න – මෝදි මහින්දගෙන් ඉල්ලයි



ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟ සෙනසුරාදා (08) පැවති ද්වී පාර්ශවික සාකච්ඡාවලදී දෙමළ ප්‍රජාවේ අභිලාෂයන් ඉටු කරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මිට අමතරව අගමැතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනීම, ත්‍රස්ත විරෝධී සහයෝගීතාව තවදුරටත් තීව්‍ර කරගැනීම සහ වෙළඳ හා ආයෝජන සබඳතා වැඩි දියුණු කිරීම ගැනද අවධානය යොමුව ඇත.

ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ සමයේ චීන සබඳතා පුළුල් කරගැනීම කෙරෙහි විශේෂ ක්‍රියාකාරිත්වයක් සිදුකළ මහින්ද රාජපක්ෂගේ දිල්ලියේ සංචාරය කිරීම විශේෂ සිදුවීමකි.

මහින්ද සහ මෝඩි අතර පැවති සාකච්ඡාවලදී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝඩි පවසා ඇත්තේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිළිබඳ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් අවබෝධ කර ගනු ඇති බවයි.

එසේම ධීවර ගැටලුව පිළිබඳව සඳහන් කරමින් මෝඩි කියා සිටියේ දෙපාර්ශ්වයම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බවයි.

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්වීමෙන් පසු කරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය වේ.