தமிழ்
English
Contact
Friday 14th August 2020    
දෙල්ගොඩ රාජා නිහඬ වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙල්ගොඩ රාජා නිහඬ වෙයි!



ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයකු වූ දෙල්ගොඩ රාජා අභාවයට පත්විය.

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන අවස්ථාවේ එනම් 1965 මැයි 14 වැනිදා අක්මීමනදී රෝහණ විජේවීර සමග එක්වූ ආරම්භකයන් අතර දෙල්ගොඩ රාජා විය. දෙල්ගොඩ රාජා විශේෂ සාමාජිකයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ 1971දී සිදුවු සිදුවීමක් නිසාය. ඒ වනවිටත් අත්අඩංගුවට ගෙන සිටි රෝහණ විජේවීර විසින් අප්‍රේල් 5 සන්නද්ධ නැගිටීමක් සම්බන්ධ තීරණයක් ගෙන ඇති බව දැනගෙන තමා හමුවීමට පැමිණි රාජාගේ මවට ලබාදුන් පණිවිඩයක් නිසාය. විජේවීර විසින් එම නැගිටීමේ අවදානම සම්බන්ධයෙන් ගනන් බලා එහිදී හදිසියේ තීන්දුගත් නායකයන් සම්බන්ධව විවේචන ඉදිරිපත්කර තිබිණි.

ජ.වි.පෙ. ආරම්භයේ සිට මිය යනතෙක් ම වාම දේශපාලනයේ ජයග්‍රහණ සම්බන්ධවත් ජනතා නැගිටීම් හරහා සමාජවාදය බිහිකිරීමේ අපේක්ෂා සහගතව සිටි පුද්ගලයකු ලෙස දෙල්ගොඩ රාජා ගෞරවයට ලක් වේ.

(සේයාරුව – ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයාගේ ෆේස්බුක් පිටුවෙන්)