Posted on 10.09.2017 by Madanayaka in ක්රීඩා පුවත් with 0 Comments
ශ්රී ලංකාව හා පාකිස්ථානය අතර ඩුබායි හිදී දිවා රාත්රී තරගයක් ලෙස පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනාම දැවී ලකුණු 432ක් ලබා ගැනීමට සමත්විය.
පළමු ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 196ක් ලබා ගැනීමට සමත්වීම මෙහිදී කැපී පෙනේ. සෙසු පිතිකරුවන් අතරින් දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 52ක්ද, ඩිල්රුවන් පෙරේරා ලකුණු 58ක් රැස් කිරීමට සමත්වීමෙන් ශ්රී ලංකා ඉනිම ස්ථාවර තත්වයකට ගොඩ නැගීමට හැකි විය.
පාකිස්ථාන් කණ්ඩායමේ පන්දුයවන්නන් අතරින් යෂිර් කඩුළු 6ක් දවා ගැනීමට සමත්විය.අජ්මාල් කඩුළු 2ක්ද, අමීර් හා වහබ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්විය.
ඉන් පසුව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 262ක් පමණි. ඒ සදහා අස්හාර් ලකුණු 59ක්ද, සොහෙයිල් ලකුණු 56ක්ද, ලබා ගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ශ්රී ලංකා පිලේ රංගන හේරත් කඩුළු 3ක්ද, ඩිල්රුවන් පෙරේරා කඩුළු 3ක්ද, ලහිරු ගමගේ හා සුරංග ලක්මාල් පිළිවෙලින් කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත්විය.
අද දින ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදීමේදී ඉතා අසීරු තත්වයකට මුහුණ පෑ අතර සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි. ඒ සදහා ඔවුන් මුහුණ දුන් පන්වාර ප්රමාණය 26කි. ලකුණු 220 මුල් ඉනිමේ වාසිය වූ ශ්රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් විය.
පාකිස්ථාන කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට ලකුණු 316ක ඉලක්කය සපුරා ගැනීමේ අභියෝගයට මුහුණ දිය යුතුය.
අද දින තරගයේ සිව්වන දිනයයි. මේ වන විට පාකිස්ථාන කණ්ඩායම් සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත්ව ඇත.