தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
දෙවන වරටත් සහල් මාෆියාවෙන් ආණ්ඩුව දණගස්වයි - ගැසට් නිවේදන මැද සහල් ගබඩාවල! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙවන වරටත් සහල් මාෆියාවෙන් ආණ්ඩුව දණගස්වයි – ගැසට් නිවේදන මැද සහල් ගබඩාවල!



ආණ්ඩුව විසින් ගැසට් නියෝග මගින් නියම කළ මිල ගණන්වලට සහල් සිල්ලරට අලෙවිකළ නොහැකි හෙයින් සහල් තොග වෙළඳසැල්වල විසින් ලබා නොගන්නා බව ද එම නිසා සහල් වල හිඟයක් පවතින බවද සිල්ලර වෙළෙන්දෝ කියති.

දැවැන්ත පරිමාණයේ සහල් මෝල් හිමියන් විසින් සහල් තොග රඳවා තබාගෙන ඇති අතර ආණ්ඩුව නියම කළ මිලට අලෙවි කළ නොහැකි තත්වයක් ඇති බව වෙළඳ සල් හිමියෝ පවසති. ආණ්ඩුව විසින් සහල් මිල අඩු කරන බවටත් ගොවියාගෙන් වී මිලදී ගැනීමේදී සහතික මිලක් ලබා දෙන බවටත් කළ ප්‍රකාශ කිසිවක් ඉටුකර ගත නොහැකි තත්වයක් උද්ගතව ඇත. මේ වනවිට නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 105 ද සම්බා කිලෝවක මිල රුපියල් 120 ක් ද රතුකැකුළු සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 105 ක්ද වශයෙන් වෙළඳපොලේ අලෙවිකරන බව වෙළෙන්දෝ කියති.