தமிழ்
English
Contact
Monday 6th July 2020    
දෙවැනි කොරෝනා රැල්ලකට සූදානම් වෙමු ! ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිහි කැඳවීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙවැනි කොරෝනා රැල්ලකට සූදානම් වෙමු ! ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිහි කැඳවීමක්



ලෝකයේ රටවල් කිහිපයක අත්දැකීම් මත කොවිඩ්19 ආසාදනය වීමේ දෙවන රැල්ලක අනතුර පහව ගොස් නැති බැවින් ඊට සුදුසු සූදානම් කිරීම් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත සිහිකැඳවීමක් සිදුකර ඇත.
සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැීමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් මේ බව පවසන්නේ කොරොනා වර්ධන රටාවන් ගැන පර්යේෂණ සිදු කළ සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් මතය. සමස්තයක් ලෙස කොරෝනා වසංගතය මැඩලීමේ සාර්ථකත්වයක් ඇති බව පවසමින් ඇය පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි.
චීන‌යේ, දකුණු කොරියාවේ සහ තවත් රටවල වෛරස ව්‍යාප්තිය හා ආසාදිතයන් නැවත මතුවීම හේතුකොට ගෙන වසරකට වැඩි කාලයක් තුළ නැවත නැවත රලවේගයක් ලෙස ආසාදිතයන් මතුවීම සම්බන්ධයෙන අවධානයෙන් සිටිය යුතු බව මින් පෙරද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කරණ ලදී.