Posted on 02.19.2018 by Nishshanka in ක්‍රීඩා පුවත් with 0 Comments
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවැති අවසන් විස්සයි විස්ස තරගයෙන්ද ලකුණු 75ක් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්විය.
මෙම තරගය බංග්ලාදේශයේ ශිලාත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර කාසියේ වාසිය ලබා ගත් බංග්ලාදේශ නායක සිය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. මේ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි තුල කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත්විය.
එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 42ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 70ක්ද, තිසර පෙරේරා ලකුණු 25ක්ද, උපුල් තරංග ලකුණු 25ක්ද, දසුන් ශානක ලකුණු 30ත්ද ලබා ගැනීමට සමත්විය. කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේදී සිය දෙවන අර්ධ ශතකයද ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුනි.
බංග්ලාදේශ කණ්යඩාම පන්දුවට පහරදෙමින් සිය ඉලක්කය වූ ලකුණු 210ක හඹායෑමට උත්සාහ කළත් එය එතරම් සාර්ථක නොවීය. සිය ඉනිම වෙනුවෙන් නෆීක් ලකුණු 29ක්ද, මහමුල්ලා ලකුණු 41ක්ද ලබා ගත් නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමේ අවස්ථාව නොදෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්විය.
මේ අනුව බංග්ලාදේශ පිතිකරුන් පන්දුවාර 18 පන්දු 4කදී සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 135ක් පමණි.
බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.