தமிழ்
English
Contact
Saturday 15th May 2021    
දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න ලෑස්තියි - රුවන් විජේවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න ලෑස්තියි – රුවන් විජේවර්ධන



දෙසැම්බර් මාසය වන විටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තමාට හිමි වුවහොත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට තමා සුදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

ඊයේ (14) කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ පැවති රහස් ඡන්දයෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වු ඔහු අද (15) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් තිබුණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මේ බව පවසා තිබේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම තම බලාපොරොත්තුව බව ද පැවසු රුවන් විජේවර්ධන පක්ෂයේ සියලු නායකයින් එකතු කර ගනිමින් ඉදිරි ගමන යෑමට බලාපොරොත්තු වන බව ද පවසා ඇත.

සමගි ජන බලවේගයේ සමහර අය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත් ඔවුන් ද පක්ෂයට ආදරය කළ අය බැවින් ඔවුන් සමග එක් ව ඉදිරියට යෑමට සුදානම් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.