தமிழ்
English
Contact
Sunday 20th January 2019    
දේශපාලන අර්බුදය හමුවේ විසදුම් සෙවීමට 'ජනතා සැලැස්මක්' - ජනතා අරගල මධ්‍යස්ථානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන අර්බුදය හමුවේ විසදුම් සෙවීමට ‘ජනතා සැලැස්මක්’ – ජනතා අරගල මධ්‍යස්ථානය



‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය – ආර්ථික යුක්තිය ජන බලයෙන් ගොඩනගන ජනතා සැලැස්ම’ එළි දැක්වීමේ සම්මන්ත්‍රණය ඊයේ (27) සවස 4.00ට කොළඹ, නව නගර ශාලාවේදී පැවැත්විණි.
වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක නායකත්වයෙන් බිහිකරන ලද ‘ජනතා අරගල මධ්‍යස්ථානය’ විසින් පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේදී පවතින සමාජ දේශපාලනික අරබුද්ය සම්බන්ධව විසදුම් සෙවීමේ අරමුණ ජනතාව අතරට ක්‍රියාකාරිව ගෙන යාමටත් ඒ වෙනුවෙන් ජනතාව සංවිධානාත්මකව මැදිහත් කිරීමටත් ‘ජනතා සැලැස්ම’ ඉදිරිපත් කර තිබේ.
ජනතා අරගල මධ්‍යස්ථානය පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක අදහස් දැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් විසින් සිදුකරන ලදී. නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය වෙනුවෙන් එහි ජාතික සංවිධායක වී. මහේන්ද්‍රන් අදහස් දක්වන ලදී. ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි විධායක සභික සජිත් ශ්‍රී ලක්මාල් විසින්ද ‘වමේ හඬ’ සංවිධායන නියෝජනය කරමින් එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක විසින්ද අදහස් දක්වන ලදී. මෙම ආරම්භක අවස්ථාවේදී ජනතා අරගල මධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද අදහස් දැක්වීය.