Posted on 02.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වූ රත්නප්‍රිය ගුරුසිංහ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව පුරප්පාඩු වූ තනතුරට නව සාමාජිකයෙකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම් සෝභිත රාජකරුණා පත්කර ඇත.
2015 ජනවාරි මස 8වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා තෙක් කාළය තුල සිදුව ඇතැයි පවසන දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කර නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම නව ජනාධිපති කොමිසම පත්කළ අතර එහි සභාපතිවරයා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පත්කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම් සෝභිත රාජකරුණා සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.