Posted on 01.19.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
යහපාලන ආණ්ඩු සමයේ සිදුකරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තා වේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, ජාතික විධායක සභාව සහ දූෂණ විරෝධී කමිටුව යන නිල නොලත් පොලිස් හා දේශපාලන සංවිධාන මගින් දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් දේශපාලන පළිගැනීම්වලට ලක් කළ බවට නැගුනු චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ කොමිෂන් සභාව තමන් වෙත ඉදිරිපත් කළ අවසන් වාර්තා වේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිවූ බව දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.
2015-2019 යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පලිගැනීම් සඳහා පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුදල් විශුද්ධිකරණ පනත නිත්‍යානුකූල නොවන ආකාරයෙන් යොදාගෙන ඇති බවද එම වාර්තාවේ කරුණු සඳහන් කර තිබෙන බව වාර්තා වේ. එසේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සිය දේශපාලන හිතවතුන් පත් කරගෙන දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන් සහ හමුදා නිලධාරීන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන දේශපාලන පළිගැනීම් සිදුකළ බව එම වාර්තාව පෙන්වා දී ඇතැයි පැවසේ.
කෙසේවෙතත් දේශපාලන පලිගැනීම් කොමිසමේ විභාග වූ සිදුවීම් මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ ඝාතන, පැහැරගැනීම් සහ වෙනත් දූෂණ වංචාවන්ට අදාළ ඒවා වේ. ඒ පිළිබද නඩු විභාග පැවැත්වෙමින් තිබෙන අතර තුර එම සිදුවීම්වලට අදාළ පුද්ගලයන් නිර්දෝෂී බව සඳහන් කරමින් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලනයක් ඇතිවිය. එවැනි එක් සිදුවීමක් වූවේ දුමින්ද සිල්වාට පළමුවෙන් මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණයට ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට අවස්ථාව තිබුණේයැයි කොමිසම නිගමනය කර ඇතැයි වාර්තා වීමයි.
එහෙයින් එම පදනමින් දුමින්ද සිල්වාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම උචිත බවට කොමිසම නිර්දේශ කර ඇති බව ද එහිදී කියැවුණි.