தமிழ்
English
Contact
Friday 27th May 2022    
දේශපාලන වෙනස්කම් විසින් ජ.වි.පෙ. ස්ථාවරය වෙනස් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන වෙනස්කම් විසින් ජ.වි.පෙ. ස්ථාවරය වෙනස් වේ!



ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විපක්ෂයේ සහාය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවද පාර්ලිමේන්තුවේ පක්ෂ ඊට එකඟතාවක් නැතිනම් විපක්ෂයේ සිට පත්වන අගමැතිවරයකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් වෙත සහාය දීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ජ.වි.පෙ. නායක අනුර දිසානායක ඊයේ(11) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ විපක්ෂයේ සහාය සහාය නොමැති තත්වයක් තුළ අන්තර්වාර පාලනයක් වෙත යාමට විරුද්ධ නැති බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් විය යුතු බවද වත්මන් ආණ්ඩුව ඉවත් විය යුතු බවද විශේෂයෙන් රාජපක්ෂ සහෝදරයන් ඉවත් විය යුතු බවද සඳහන් කරමින් පැන නැගුණු ජනතා අරගලය තුළ ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ වත්මන් ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් ජන වරමක් නොමැති බැවින් වහාම ඉවත් වී නව ජනවරමකින් පාලනයක් බිහි කිරීමට ජනතාවට අවස්ථාවක් දිය යුතු බවය. නමුත් අතරමැදි පාලනයන් හෝ පාර්ලිමේන්තුවේ බලමාරු කිරීම්වලට එකඟ නැති බවද ඔවුන්ගේ අදහස විය. කෙසේවෙතත් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමත්, නව අගමැතිවරයකු පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම්වීමත් සමග එම ස්ථාවරය වෙනස් කිරීමක් සිදුව ඇත.

අතරමැදි ආණ්ඩුවකට තමන් කිසිසේත් සහාය නොදෙන බව ජ.වි.පෙ. නායකයා මින් පෙර ප්‍රකාශ කර තිබුණද ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ජ.වි.පෙ. නායක අනුර දිසානායක අද පැවසුවේ අන්තර්වාර පාලනයක් වෙත යාමට විරුද්ධ නැති බවය.