தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, අතුරුදන්වූවන් ගැන සත්‍ය හෙළිකරනු! - සම අයිතිය ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, අතුරුදන්වූවන් ගැන සත්‍ය හෙළිකරනු! – සම අයිතිය ව්‍යාපාරය



සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් පසුගිය කාලයේ අතුරුදන්වූවන් ගැන සත්‍ය හෙළිකරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් ‘සම අයිතිය ව්‍යාපාරය‘  අද යාපනය නගරයේ විරෝධතාවක් පැවැත්වීය.

මේ දක්වා චෝදනා නැතිව, බන්ධනාගාරවල රදවා සිටින දේශපාලන සිරකරුවන් සමබන්ධයෙන් ඔවුන්ගේ ඥාතින් විසින් මෙන්ම විවිධ මානව හිමිකම් සංවිධාන විසින් වසර ගණනක් සිදුකරන ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් දී නැත. 2015 හවුල් ආණ්ඩුව පත්වීමට පෙරාතුව මැතිවරණ පොරොන්දුවක් ලෙසද රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබද අදහස් දක්වන ලදී.