Posted on 05.10.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බස්නාහිර පළාත භාර ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් අවස්ථාවේදී පොලිසිය පැමිණ රැස්ව සිටින ජනතාවට වෙඩි තබන ලද බවට තොරතුරු වාර්තා වේ.
සිය රථයෙන් සිවිල් ඇඳුමින් සැරසී ගමන්කළ ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රථය බේරෙ වැව අසළදී කිසියම් පිරිසක් විසින් නවතා ඊයේ ගෝටාගෝගමට ප්‍රහාරයක් එල්ල කිරීමේදී පොලිසිය කළ මැදිහත්වීම සම්බන්ධ ප්‍රශ්න කර ඇත. ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ප්‍රහාරය අවස්ථාවේදී ගාලුමුවදොර පිටියට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමග පැමිණ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වේ.
පොලිස් කණ්ඩායමක් එතැනට පැමිණ පිරිසක් අත්අඩංගුවට ගත් බවද පිරිස දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවටද තොරතුරු වාර්තා වේ.