தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
දෛනික කොවිඩ් මරණ වාර්තා කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙනවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෛනික කොවිඩ් මරණ වාර්තා කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්



කොවිඩ් ආශ්‍රිත මරණ පැය 48 ක් තුළ වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඒ අනුව වාර්තා කිරීමේදී පැය 48ක් තුළ සිදුවූ මරණ ඒ දිනයේම වාර්තා කරන බව ඔහු පවසා තිබේ.

“මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණයි. නමුත් අපි අද දින සිට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන මරණ සියල්ලම ඒ දිනයේදී වාර්තා වන ලෙසයි. ඒ අනුව දිනයක් ඇතුළත සිදුවෙන සියලුම මරණ වාර්තා කරන්න අපි දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ අනුව පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේදී අපි වාර්තා කරන්න කටයුතු කරනවා.” යැයි සෞඛ්‍යෙස්වා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් පවසා ඇත.

මෙම නව ක්‍රමවේදයට අනුව මින් ඉදිරියට පසුගිය දින වල කොවිඩ් මරණ වාර්තා කෙරෙන්නේ නැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කර ඇත.