தமிழ்
English
Contact
Thursday 12th December 2019    
දොස්තර ෂාෆිට අයත් දේපොළ ගැන හෙළිකරනවා - මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පවසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දොස්තර ෂාෆිට අයත් දේපොළ ගැන හෙළිකරනවා – මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පවසයි



රක්ෂිත බන්ධනාගාරගතකර සිටින වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට අයත් තවත් දේපොළ 22කට අදාළ ලියකියවිලි මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන බව ෂාෆි වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා කරන මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පවසා තිබේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී එම නීතිඥවරුන් පැවසුවේ වෛද්‍ය ෂාෆිට අයත් බැංකු ගිණුම් අතරින් ගිණුම් දෙකක් පිළිබඳ කරුණු අනාවරණය කරගත් බවයි. එසේම ෂාෆි විසින් මිලදී ගත් රුපියල් කොටි 13ක දේපොළ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කර නොමැති බව ඔවුන් පවසයි.

එසේම කුරුණෑගල අධිකරණය ෂාෆිගේ බැංකු ගිණුම් පරික්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ද ඔවුන් එය ඉදිරිපත් කර නොමැති බව මෙම නීතිඥවරුන් පවසයි.

මෙම මාධ්‍ය හමුවට අතුරලියේ රතන හිමිද එක්ව සිට තිබේ. එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමි පවසා ඇත්තේ ෂාෆි සතු දේපොළ ගැන විමර්ශනය කිරීමකින් තොරව එවැනි දෙපොළක් නොමැති බවට අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීම අපරධයක් බවයි.

කුරුණෑගල රෝහලේ නාරි සහ ප්‍රසව වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව ප්‍රබලව එල්ල කරන ලද චෝදනාව වූවේ ඔහු සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපිය නාලවලට හානිකර මව්වරුන් වඳ කර ඇති බවයි. නමුත් පසුව ඒ පිළිබඳ විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි දෙයක් සිදුව නොමැති බවට වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. දැන් නැවතත් ඔහුගේ දේපොළ සම්බන්ධ කරුණු ඉස්මතු කරනු දක්නට ලැබේ. වෛද්‍ය ෂාෆි මුලදී අත්අඩංගුවට ගැනුනේද ඔප්පු කළ නොහැකි ආකාරයෙන් වත්කම් උපයා ඇති බවට චෝදනා කරමිනි.