Posted on 06.22.2022 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) පොදුජන පෙරමුණේ නම් කළ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන්නටත් පෙර බදුවංචාකාරයකු ලෙස චෝදනා ලැබූ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා අධිකරණය නොමග යවා ඇත.
ධම්මික පෙරේරා මෙසේ අසත්‍ය ප්‍රකාශයක් සිදුකරන ලද්දේ ඔහු ජනතා ඡන්දයෙන් පත් කළ හෝ 2020 අගෝස්තු මහමැතිවරණයේදී අපේක්ෂකයකු නොවන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම මූළික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමේදීය.
පත් කළ මන්ත්‍රීවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රෝමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පැවසුවේ ගොනු කළ ඇති විරෝධතා සහිත පෙත්සම් විභාගයට ගෙන තීන්දුවක් ලබා දෙන තුරු තම සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවරුමු නොදෙන බවය.
එහෙත් අද දින ඔහු දිවුරුම් දී ඇත්තේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් ඉතිරිව තිබියදීය. ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පෙ.ස.ප. ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව විසිනි.
රජයේ සැපයුම් අංශයේ සැපයුම්කරුවකු ලෙස ව්‍යාපාරික ආයතන ගණනාවක අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීමේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන බවත් පුර්ව නඩු විභාගයක තීන්දුවක් අභියෝගයට ලක් වෙන බවටත් පෙත්සම විසින් කරුණු දක්වා ඇති අතර එය විභාගයට ගන්නාවද නැද්ද යන්න තවමත් අනාවරණය වී නැත.
මෙසේ ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම මගින් අධිකරණය හමුවේ ඔහුගේ උපදෙස් මත කළ ප්‍රකාශය අසත්‍යයක් බවට තහවුරු වන අතරම තවමත් අධිකරණය විසින් සළකා බලන්නට නියමිත බව දක්වා නැති එහෙත් සාධාරණ කරුණු සහිතව ඉදිරිපත් කළ පෙත්සම මගින් අපේක්ෂා කරන යුක්තිය පසිඳලීමද භියොගයට ලක්වීමක් සිදු වේ.