தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ධම්මික පෙරේරා විද්වත් දේශණයක - අධ්‍යාපනය විකුණන හැටි දෙසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධම්මික පෙරේරා විද්වත් දේශණයක – අධ්‍යාපනය විකුණන හැටි දෙසයි



මෙරට මුල්‍ය සමාගම් ඇතුළු ව්‍යාපාර ආයතන විශාල ප්‍රමාණයක හිමිකරුවකු හා බිලියනපතියකුවන ධම්මික පෙරේරා විද්වත් සම්මන්ත්‍රණයකදී අධ්‍යාපනය විකිණීම සම්බන්ධ සිය නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කර ඇත.

විශ්ව විද්‍යාල ගස්යට තිබුණද ප්‍රමිතිය ගැන නොසිතා ඒවාට මුදල් ගෙවා ඉගෙන ගන්නට සිසු සිසුවියන් යොමුකරවිය යුතු බව කෝටිපති ව්‍යාපාරිකයා ආන්ඩුවට උපදෙස් දෙමින් පවසයි. බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ විද්වත් ක්‍රියාකාරින්ගේ සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පවසා ඇත.

ඔහු පවසා ඇති ආකාරයට පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමට උසස් පෙළ සමත් සිසු සිසුවියන්ට රුපියල් මිලියනය බැගින් කූපනයක් රජයෙන් ලබා දියයුතුය. එමලින් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට රජයෙන් හිමිවන මුදල් ආරම්භක ප්‍රාග්ධනය ලෙස භාවිත කරන්නට හැකිවන බව ධම්මික පෙරේරාගේ අදහසය. ඔහු පවසන ආකාරයට උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුවන 30000ක් දෙනාට මෙම මිලියනයේ කූපනය ලබාදෙන්නට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ධම්මික පෙරේරා, රාජපක්ෂවාදින්ගේ විද්වත් සම්මන්ත්‍රණයේ ආරාධිතයකු ලෙස සහභාගි වී කළ එම කතාවේ තොටසක් මෙසේ පළ කරමු.

“ළමයි එක්ලක්ෂ විසිදහසකට වහාම විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕනේ. මේ ළමයින්ට මිලියනයක කූපන් එකක් දුන්නොත්, මේ ආණ්ඩුව තිස්දහසකට දෙන්න පොරොන්දු වෙලා ඉන්නවා, මේ බජට් එකෙන්. ඒක එයි කියලා මං හිතනවා. හැබැයි ඒක සම්පූර්ණම එක්ලක්ෂ විසිදහසකට දුන්නොත්, වන් මිලියන් වගේ කූපන් එකක්, ගස් යට ඉගැන්නුවත් කමක් නැහැ, ඒ මිනිස්සු හරියට ඩිග්‍රිය අරන් එනවානං. තැනේ ප්‍රශ්නයක් නැහැ. ලෝකේ කොහේවත් රටවල් අංග සම්පූර්ණ යුනිවර්සිටීස් හදලා උගන්නලා නැහැ. හරි යුනිවර්සිටීස් හදන්න කාලයක් යයි. අපිට ඉක්මනට දියුණු වෙනවා නම්, ගස් යට හරි කමක් නැහැ, යුනිවර්සිටි ඇරලා, අර ළමයි එක්ලක්ෂ විසිදාහ මෙතන්ට ගේන්න ඕනේ. මේ 120,000 ට දෙනකොට බිලියන 120 ක් ඕනේ නැහැ. බල්ක්(විශාල පිරිසකට) දෙනකොට යුනිවර්සිටීස්වලින් 50% විතර වට්ටම් ලබා ගන්න පුළුවන්. එතකොට අවුරුද්දකට බිලියන 60 ක් ඕනේ උගන්නන්න.“

“අද වෙන කොට ආණ්ඩුව රිකරන්ට් (පුනරාවර්තන ලෙස) බිලියන 180 කුත් ප්‍රාග්ධනය ලෙස බිලියන 40 කුත්, බිලියන 220 ක් දානවා නිකං අධ්‍යාපනයට. යුනිවර්සිටි අධ්‍යාපනයට දානවා බිලියන 50 ක්, 270 ක් දානවා. දාලා ළමයි 360,000 ක් මේ පැත්තෙන් ඇතුල් කරනවා. එළියට එන්නේ 8% යි. ඇයි, අර ඉතුරු බිලියන 60 දාන්නේ නැතුව ඉන්නේ. ඒ බිලියන 60 දාලා, ගස් යට හරි කමක් නැහැ දාලා, මේ ළමයි ටිකට ඉගැන්නුවොත්, ඒ සල්ලිවලින් යුනවර්සිටීස් හදයි, ලබන අවුරුදු පහේ. ඒකට ඕනේ බිලියන 60 යි. ඒ බිලියන 60 දානකං, මම හිතන්නේ කවදාකවත් මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා.“