தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ධර්ම චක්‍ර ඇදුම චෝදනාව අසාධාරණයි-මූලික අයිතිය කඩව ඇති නිසා කාන්තාව වන්දි ඉල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධර්ම චක්‍ර ඇදුම චෝදනාව අසාධාරණයි-මූලික අයිතිය කඩව ඇති නිසා කාන්තාව වන්දි ඉල්ලයි!



ධර්ම චක‍්‍රයක රුව ඇති ඇඳුමක් ඇඳ සිටිනවා චෝදනා පිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලද බවට
හසලක ප්‍රදේශයේ කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඇය චෝදනා නතන්නේ තමන් විසින් නැවක සුක්කානමක රුව රැගත් මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී අසාධාරණ චෝදනා මගින් හිරිහැරයට ලක්කර ඇති බවය. තමන්ට සිදුව ඇති අවමානය, ශාරීරික හා මානසික හිරිහැරයට වන්දි ගෙවනන ලෙස ඉල්ලා ඇය මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොසු ඇත.

කොළොන්ගොඩ පුදලූගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය විසින් මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත්තේ නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත, සහ පොලිස්පතිවරයාය.

එක් දරු මවක වන මෙම කාන්තාව කලක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන බවද ඇය ඇඳ සිටි මැක්සි ගවුමේ සටහන්ව ඇත්තේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රැව් බැවින් තමන් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව ඇයගේ තර්කය වේ.

එ නිසා, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කර, ඊට වන්දි ලබා දෙන ලෙසද , මේ සම්බන්ධයෙන් වලකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.