தமிழ்
English
Contact
Saturday 24th October 2020    
ධීවරයන්ට මුහුදු නොයන ලෙස අනතුරු ඇඟවීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධීවරයන්ට මුහුදු නොයන ලෙස අනතුරු ඇඟවීමක්



මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමන කරන්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සහකාර අධ්‍යක්ෂවරයා (සෝදිසි මෙහෙයුම්) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව සියලූම ධීවර යාත්‍රා අද (18) දින සිට මධ්‍යම, ඊසාන දිග හා නැගෙනහිර බොංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 6 -16 සහ නැගෙනහිර දේශාංශ 83 – 96 කලාපවලින් කඩිනමින් ඉවත් විය යුතු බව සඳහන් කර ඇත.

එම ප්‍රදේශවල ඉතා තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන්නැයි ද උපදෙස් දී තිබේ.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 – 70ත් අතර ඉහළ යා හැකි බැවින් ධීවරයින්ට මේ පිළිබඳ සැලකිලිමත් වන්නැයි දැනුම් දෙයි.