தமிழ்
English
Contact
Friday 16th April 2021    
නකල්ස් ස්වභාවික වනයේ යටිරෝපනය වනසා එනසල් වැවීමට ආණ්ඩුව සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නකල්ස් ස්වභාවික වනයේ යටිරෝපනය වනසා එනසල් වැවීමට ආණ්ඩුව සූදානම්!



ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘දුම්බර වන අඩවිය’ (නකල්ස් වනය) තුළ එනසල් වගා කිරීමේ අරමුණින් යටිරෝපනය ඉවත් කිරීමට අවසර දීමේ තීරණයක් ගෙන ඇත.

වැවිලි බෝග හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ජනක වක්කුඹුර විසින් මෙම කටයුත්ත සිදුකරමින් පවතින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

එම වයාපාරයේ සජීව චාමිකර පවසන්නේ නකල්ස් වනයේ යටිරෝපනය ඉවත් කරමින් එනසල් වැවීමට වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන බවයි.
ස්වභාවික වනයක කිසිදු වෙනසක් කිරීමට නීතියෙන් අවසර නැති අතර ලෝක උරුම වනයකදීවැනි වෙනසක් කිරීමෙන් ලංකාවේ ලෝක උරුම සම්බන්ධ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් සටහන් වේ. මින් පෙර සිංහරාජ වනය සම්බන්ධයෙන් මෙන්ම තවත් අවස්ථා ගණනාවකදී මෙරට ලෝක උරුමයන් සම්බන්ධ ප්‍රතිපත්තිය දුර්වල බව සනාථ විය.

නකල්ස් වනය යනු මෙරට සුවිශේෂී පරිසර පද්ධති සහිත වනාන්තර අතර තවත් විශේෂ ස්ථානයකි. ජෛව වීධත්වය හා කඳුකර ස්වභාවික වනාන්තර අතර කැපී පෙනෙන සත්ව හා ශාක ගහනයක් වාසය කරන නකල්ස් වනයට මෙවැනි කඩාවැදීමක් සිදුකිරීමෙන් ආණ්ඩුව විසින් ව්‍යාපාරික අරමුණු සඳහා වන බිම් විනාශ කිරීමේ යෙදී සිටින බව යළිත් සනාථ කෙරේ.