Posted on 10.29.2022 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන ලේඛක සහ විචාරක එරික් ඉලයප්ආරච්චි ලියු ‘නකුල මුුුනි’ නවකතාව 2022 වසරේ හොඳම සාහිත්‍ය කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබාදීමට තෝරාගෙන ඇත.
ලංකාවේ නව සංගීත සම්ප්රදායක් ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන සංගීතඥයකු හා ඔහුගේ කලාව හා ජීවන භාවිතය ඇසුරු කරගෙන ලියූ මෙම නවකතාව, ඉලයප්ආරච්චි ලියූ ‘ලලිත සමය’ කෘතියේ දෙවැනි කොටස ලෙසද සැළකේ.
එපමණක් නොව, හොඳම සිංහල කෙටි කතා සංග්‍රහය වෙනුවෙන් වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූයේ ද ඉලයප්පආරච්චි විසින් රචිත ‘ජාත්‍යන්තර පාපොච්චාරණය’ කෘතියටය.
මෙවර සම්මාන උළෙලේ දී 2021 වසරේ රචිත හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමිවූයේ අනුරාධා නිල්මිණි මහත්මිය රචනා කළ ‘නාරි සූත්‍රය’ කෘතියටය.
හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතියට හිමි සම්මානය මෙවර වසන්ත කුමාර කොබවක විසින් රචිත ‘පමා වී පිපුණු මල් සුවඳයි’ කෘතියට හිමි වූ අතර, වසරේ හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස මනෝහරී ජයලත්ගේ ‘මැට්ටි’ කෘතිය සම්මාන ලැබීය.
මෙවර හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියට හිමි සම්මානය හිමිවූයේ චමිල ප්‍රියංක විසින් රචිත ‘මෙය තුවක්කුවක් නොවේ’ කෘතිය වෙනුවෙනි.
හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය ලෙස හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක රචනා කළ ‘නව පුරාවිද්‍යාව එහි මූලධර්ම ‘ශාබ්දික සිනමාව’ කෘතියට සම්මාන හිමිවූ අතර, හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර) සඳහා වන සම්මානය රංගන කුරුවිට රචනා කළ ‘ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතික කාව්‍ය’ කෘතියට හිමිවිය.
ප්‍රමෝදි නිල්වලා හේවාවිතාරණ රචනා කළ පොල් රුප්පා සහ මුතු පන්ති නොහොත් සිලෝනයේ විත්ති’ කෘතියට හොඳම විවිධ විෂයක ග්රන්ථයට (පරිවර්තිත) වෙනුවෙන් වූ සම්මානය හිමිවූ අතර ‘මම රක්ත වර්ණ වෙමි’ කෘතිය රචනා කළ නිලූක කඳුරුගමුව හොඳම පරිවර්තිත සිංහල නවකතාවට හිමි සම්මානය දිනාගත්තේය.
හොඳම පරිවර්තිත කෙටි කතා සංග්‍රහය ලෙස ප්‍රභාත් සේනාරත්න රචනා කළ ‘ආදම්ගේ දිනපොත සහ තවත් කතා’ කෘතියට සම්මාන හිමි වූ අතර, හොඳම පරිවර්තිත පද්‍ය සංග්‍රහය ලෙස ලක්ශාන්ත අතුකෝරාළගේ ‘ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතිකාවක්’ කෘතිය සම්මාන ලැබීය.
එමෙන්ම හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය ලෙස සුනිල් විජේසිරිවර්ධනගේ ‘යක්ෂාගමනය’ කෘතියට සම්මාන හිමිවූ අතර, හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය පත්මා විජේසිංහගේ ‘ලුලූට පවුල් දෙකක්’ කෘතියට හිමිවිය.
හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය සම්මානය කේෂාන් හරේෂු විසින් රචිත ‘ග්ලැසේරා’ කෘතියට හිමිවූ අතර, හොඳම ළමා සාහිත්‍ය කෘතිය (පළමුවැනි කාණ්ඩය) ලෙස සංජය වික්‍රමාරච්චි රචනා කළ ‘වලං මාමා’ කෘතිය සම්මාන ලැබීය.
හොඳම නිමාවෙන් හා පිටු සැකැස්මෙන් යුත් කෘතියට හිමි සම්මානය ‘ Pearl’ කෘතිය වෙනුවෙන් කසුන් ප්‍රදීප් බෙණරගම හිමිකරගත් අතර, හොඳම පිටකවරය සඳහා වන සම්මානය ‘සාරස පුවත් ලිපි සරණිය’ කෘතියේ කවර නිර්මාණය කළ චාරුක කුමාරපේලිට හිමිවිය.