தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
නඩුවලින් මාරු වී ගෝඨාභය ලංකාවට එයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නඩුවලින් මාරු වී ගෝඨාභය ලංකාවට එයි!



ලංකාවේ එක දිගට නඩු වාර යෙදී තිබියදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා බව කියමින් සිංගප්පූරුවට ගොස් සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද(24) පෙරවරුවේ යළි ලංකාවට පැමිණියේය.

සිංගප්පූරු ගුවන් සේවයේ SQ- 468 දරණ ගුවන් යානයෙන් ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ රාත්‍රියේ පැමිණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් සිය සුඛෝපභෝගී රියට නැග මාධ්‍ය වෙතද අදහසක් නොදක්වා වසන් වී නික්ම ගිය බව අපගේ ආරංචි මාර්ග පවසයි.

මෙසේ ගෝඨාභය සිංගප්පූරුවට වී සිටියේ සැබවින්ම සෞඛ්‍ය හේතු මතද නැත්නමි ඔහුට වගිකවයුතු චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කරන්නට පැකිළෙමින්දැයි අනාවරණය වී නැත. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂට එරෙහි චෝදනා ගොනුකළ නඩු ගණනාවක් අධිකරණය හමුවේ විභාග කෙරුණු අතර ඒ නඩුවලට පැමිණිය නොහැකි බව දන්වා ගෝඨාභයගේ නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ රෝගී තත්වයක් උද්ගතවීමෙන් වෛද්‍ය පරීක්ෂණයක් සදහා සිය සේවාදායකයා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුව තවදුරටත් විවේක සුවයෙන් කාලය ගත කරන බවය. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂගේ සොහොයුරා තමන්ට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට මුහුණ නොදී සිංගප්පූරු රෝහලට වී කාලය ගතකරන බවට චෝදනා එල්ල කෙරිණි. මැදමුලන සිය මවුපියන් වෙනුවෙන් ස්මාරකයක් ගොඩනැගීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ඔහුට එල්ල වූ චෝදනා අතුරින් එකකි.

එසේම 2012 දෙසැම්බර් 9 වැනිදා යාපනයේදී ආරක්ෂක අංශ භාරයට ගෙන අතුරුදන් කිරීමට එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ගෝඨාභය වගකිවයුතු බවටද චෝදනා එල්ල විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙන හබයාස් කෝපුස් පෙත්සම සම්බන්ධයෙන් සාක්ෂි දීමට ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වන ලද නමුත් පසුගිය ජූනි 21වැනිදාත් ගෝඨාභය නොපැමිණි අතර නඩුව සැප්තැම්බර් 27 වැනිදා දක්වා කල්තබන ලදී.