தமிழ்
English
Contact
Friday 14th May 2021    
නඩු විභාගයකින් තොරව මිනිසුන් සිරගත කිරීමේ ගෝඨාභයගේ නීතියට OIC සංවිධානයේ විරෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නඩු විභාගයකින් තොරව මිනිසුන් සිරගත කිරීමේ ගෝඨාභයගේ නීතියට OIC සංවිධානයේ විරෝධය



හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ නඩු නැතිව වසර ගණනක් රඳවා තැබීම නීතිගත කිරීම සඳහා “දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ” නාමයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අලුතින් පනවා ඇති රෙගුලාසි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) දැඩි විරෝධයට ලක් වී තිබේ.

මාසයකට ඉහතදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සහාය දුන් බව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රකාශ කරන ලද රටවල් අතරින් අඩකට වැඩි සංඛ්‍යාවක්ද ඒ අතර වෙයි.

මාර්තු මස 12 වැනිදා ගැසට්ගත කරන ලද එම නියෝග යොදාගෙන “මුස්ලිම්වරුන් අත්තනෝමතික ආකාරයෙන් රඳවා ගෙන ඔවුන් වධහිංසා සහ මානව හිමිකම් උල්ලංඝනවලට ගොදුරු කිරීමට ඉඩ සලසා දෙන, කිසිදු නීතිමය සෝදිසියකින් තොරව දණ්ඩමුක්තිය භුක්ති විඳින ‘ඒකාබද්ධතා මධ්‍යස්ථාන’ නිර්මාණය කිරීම” OIC සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම (IPHRC) විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් හෙලා දැක තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී රටවල් 25ක් අතරින් කිහිපයක් ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි අතර තවත් රටවල් කිහිපයක් ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කර තිබුණි.

එකී රටවල් 25න් 14ක්ම ශ්‍රී ලංකාවේ ත්‍රස්ත නීති හෙලා දකින සවුදි අරාබිය මුලස්ථාන කොටගත් OIC සංවිධානයේ සාමාජිකත්වය දරයි.

බංග්ලාදේශය, පකිස්තානය, සෝමාලියාව හා උස්බෙකිස්තානය මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් රටවල්ය. බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබොන්, ඉන්දුනීසියාව, ලිබියාව, මොරිටානියාව, සෙනෙගාලය, සුඩානය සහ ටෝගෝ ඡන්දය දීමෙන් වැළකී සිට තිබුණි. මේ අනුව

ත්‍රස්ත විරෝධී අණපනත් යොදාගෙන මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගැනීමද මුස්ලිම් රටවල දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. එම තහංචිය ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතියක් උල්ලංඝනය කිරීමක් බව IOC සංවිධානය අවධාරණය කර තිබේ.