தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
නයනසේන වන්නිනායක කවියා දිවිසැරිය නිමා කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නයනසේන වන්නිනායක කවියා දිවිසැරිය නිමා කරයි!



ප්‍රවීන කවියකු, ගී පද රචකයකු මෙන්ම ලේඛකයකු වූ නයනසේන වන්නිනායක අභාවයට පත් විය.

අනුරාධපුර ප්‍රදේශයේ උපන් ඔහු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මොරටුව සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවකු විය.
කෙසේවෙතත් ලේඛකයකු ලෙසද සිය නිර්මාන බිහි කරමින් වඩා යහපත් මිනිස් සමාජයක් වෙනුවෙන් පෑන හැසිරවීම ඔහුගේ විශේෂත්වය විය. 90 දසකය ආරම්භයේ පටන් පුවත්පත් ලේඛකයකු ලෙසද කටයුතු කළ ඔහු සිය කාව්‍ය නිර්මාණ හා පුවත්පත් කලාවේදී මෙහෙය ඉටු කිරීමේදී ජනතාවගේ යහපත ප්‍රමුඛ කරගත්තකු විය. කලක් විදේශගතව සිටියද ඔහු එම කාලයේදීද ලංකාවේ වසන්නකු මෙන්ම සාහිත්‍ය කටයුතුවලදී නිරන්තරව සංවේදී නිර්මාණකරුවකු විය.

ඔහු විසින් දිගු කලක් ලියූ කවි ‘අකුරක් හොයමි’ නමින් 2016 දී පළ කළ නයනසේන වන්නිනායක, ගී පද රචනා නිර්මාණයටද නැඹුරු විය. එම ගේය පද නිර්මාණ එකතුවක් ‘තිසාවැව ළඟ රළපනාවේ’ නමින් 2018 දී ප්‍රකාශයට පත් කෙරිණි.

මහනුවර ගොඩපොළ ප්‍රදේශයේ සිය නිවසේ ජීවත් වූ ඔහු හදිසියේ රෝගාතුරව අභාවයට පත් වූ අතර වසංගත තත්වය නිසා කෙටි කාලයකින් අවසන් කටයුතු කිරීම සිදුවනු ඇත.

නයනසේන වන්නිනායක සහෘදයා සම්බන්ධ සබැඳි පහතින්

 

ලංකා නිවිස් වෙබ් සංවාදය