தமிழ்
English
Contact
Friday 16th November 2018    
නයාරූ - ධීවර කලාපයේ ඇවිලෙන ගිනිකන්ද! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නයාරූ – ධීවර කලාපයේ ඇවිලෙන ගිනිකන්ද!



පසුගිය සතියේදී මුලතිව් ප්‍රදේශයේ ‘නයාරු‘ කලපුවේදී තමිල් ධිවරයන්ට අයත් ලක්ෂ 50ක පමණ ධීවර ආම්පන්න ගිනිතබා විනාශ කෙරුණි.

ඉන් පෙර අගෝස්තු 13 වැනිදා රාත්‍රී කාලයේ දී නයාරු ධීවර ගම්මානයේ වාඩිවලට කිසියම් පිරිසක් ගිනි තබනු ලැබූ බව අසන්නට ලැබුණි. මෙම ගිනිතැබීම් හේතුවෙන් සිදු වී ඇති පාඩුව කෝටි තුනක් පමණ වන බවට ඇස්තමේන්තු කරණ ලදී. ගින්නට හසුව විවිධ වර්ගයේ දැල් 27ක්, ධිවර වාඩි 8ක්, බෝට්ටු 2ක්  සහ බෝට්ටු එන්ජිමක් ද විනාශ වී ඇති බව එම ගම්මානයේ ධීවරයෝ පවසා ඇත.

යුද්ධයෙන් පසු වකවානුවේ දිගින් දිගට සිදුවන මෙම ධීවර ගැටුම් ප්‍රචාරය වෙමින් ඇත්තේ සිංහල තමිල් ගැටුම් ලෙසය. පැහැදිලිව කියන්නේ නම් එය සිංහල – දෙමළ ගැටුමක් ලෙස ප‍්‍රකාශයට පත්ව ඇත.

කාලාන්තරයක් තිස්සේ හලාවත ප්‍රදේශයෙන් පැමිණෙන ධීවරයන් වසර මැද කාලසීමාවේ නැගෙනහිර වෙරළේ මුලතිව් දක්වා සංක‍්‍රමණිකයන් ලෙස පැමිණෙන සම්ප‍්‍රදායක් විය. එහෙත් යුද්ධය අවසාන වීමත් සමග එසේ පැමිණෙන ධීවරයන් සංඛ්‍යාව සාපේක්‍ෂව ඉහල අගයක් ගන්නා ලදී. එසේ පැමිණියවුන්ට  නාවුක හමුදාව ඇතුලු මිලිටරි බලයේ ද දේශපාලන අධිකාරියේ සහායෙ හිමි විය. තරමක් ධනවත් ධීවර වෙළදුන් සතු විශාල බහුදින යාත්‍රා සමග තහනම් ආම්පන්නවලද සහායෙන් හැකිතරම් අස්වනු නෙළීම එම සංක්‍රමණික ධිවරයන්ගේ ක‍්‍රමවේදය වීය.

එහෙත් මේ අතරතුර නයාරු කලපු මෝ්ය අවට පමණක් නොව, වෙනත් ප‍්‍රදේශවලද සාම්ප්‍රදායිකව මසුන් ඇල්ලීම කළ දහස් ගණනින් වූ තමිල් ජනයාගේ ජීවනෝපායට හිරිහැරකාරී තත්වයක් ඇරඹෙන්නේ ඒ සමගය. යුද්ධය පැවති දිගුකලක් පුරා මේ බිම් ඔවුන්ට සපුරා තහනම් කලාප වීය.  යුද්ධයෙන් අනතුරුවද දෙවසරකට ආසන්න කාලයක් ඹවුන්ට ගත කිරීමට බල කරනු ලැබූයේ අවතැන් කඳවුරු තුළය. යුද්ධය නිමා වීමෙන් පසුව දිවි බේරාගෙන යළි සිය ගම් බිම් කරා පැමිණියවුන් සතුවූයේ සිය ඇඳිවත පමණක් බව කවුරුත් දන්නා දෙයකි. කෙසේවෙතත් මේ ආකාරයට නයාරු වෙත යළි පැමිණියද සාම්ප්‍රදායික ධීවර රැකියාව කරා යාම වෙනුවට ඹවුන්ට බල කරනු ලැබූයේ සිතිජය දෙස බලා හූල්ලමින් සිටීමටය. එහෙත් ඹවුන් ක්‍රම ක්‍රමයෙන් යළි සිය ජීවිතය ජයැනීමට තැත් කරමින් මසුන් මැරීමේ රැකියාවෙ ආරම්භ කළහ. එහෙත් එතැන් පටන් මේ දක්වා ඔවුන්ට බලකරනු ලැබ තිබෙන්නේ යළි අවතැන්භාවය කරා තල්ලු විමටය. පසුගිය සතියේ ගිනිපූජාවට දවාහළු කළ ධීවර වාඩි, කුඩා යාත්‍රා, දැල් ආම්පන්න කියා පෑවේ එකී කථාවේ උච්ච අවස්ථාවකි.

තිස් වසරක යුද්ධය අවසාන වී දශකයක්ද ඉක්ම යමින් තිබේ. එහෙත් උතුරට අදාලව පාලක පංතිය වශයෙන් හෝ සමාජයක් ලෙස හෝ අත්කර ගත් විචාරයක් නැත. එය ඹ්නෑවටත් වඩා පෙන්නුම් කර තිබුණද යුද්ධයේ ‍ඛේදවාචකය විසින් අපට ඉගැන්වූ දෙයක් නැති තරම්ය. විකල්ප දේශපාලනයක් පිළිබඳ සඳහනක් උතුරට වඩාත් දුරස්තය. මේ අත්දැකීම් විසින් උතුරේ පීඩිතයාට තවදුරටත් බලකර සිටිනුයේ කුමක්ද? පීඩිතභාවයම කිරුළු පළදන ලෙසද, නැතිනම් සිය තමන් පීඩාවට පත් කරන තත්වයෙන්පූර්ණ නිදහසක් පතා තමන්ම උගත් පාඩම් තුලින් මගක් සොයා යාමද? කාලය ගෙවී යමින් තිබෙන්නේ ඒ තීරණය ගැනීමට බලකරමින් බව නිසැකය.