தமிழ்
English
Contact
Friday 20th July 2018    
නයිජීරියාව පරදා ආජෙන්ටිනාව අවසන් කණ්ඩායම් 16 අතරට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නයිජීරියාව පරදා ආජෙන්ටිනාව අවසන් කණ්ඩායම් 16 අතරට



ඊයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරග අතුරින් නයිජීරියාව පරදා ආජෙන්ටිනාව ජය ගැනීම විශේෂයෙන් කැපී පෙනේ.ආජෙන්ටිනාව මීට පෙර සහභාගීවූ තරග දෙකෙන්ම අනපේක්ෂීත ලෙස පරාජයවී හේතුවෙන් ඊයේ තරගයේ නයිජීරියාව පරාජය කිරීමෙන් තොරව අවසන් කණ්ඩායම් 16 අතරට පැමිණීමට නොහැකි තත්වයකට පත්ව තිබුනි.

කෙසේ වෙතත් ආජෙන්ටිනා කණ්ඩායම් නායක ලයනල් මෙසී ප්‍රථම අර්ධයේදීම සිය කණ්ඩායමට ගෝලයක් ලබාගැනීම හේතුවෙන් සිය කණ්ඩායමට යම් විශ්වාසයකින් තරගයේ නිරතවීමට හැකියාව ලැබුනි. මීට පෙර පැවැති තරග දෙකේදී ආජෙන්ටිනා කණ්ඩායමට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඔවුන් මුහුණදුන් කණඩායම්වලින් කිසිදු ඉඩක් ලබා නොදුනි.

මේ හේතුවෙන් ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුතු ආජෙන්ටිනා කණ්ඩායමට තව දුරටත් තරගාවලියේ රැඳීසිටීම පිළිබදව දැඩි අවිනිශ්චිත තත්වයක් මෙන්ම දැඩි පීඩනයක් එල්ලවී තිබුනි. ඊයේ පැවැති තරගයට ඔවුන් මුහුණදුන්නේ මෙවැනි පසුබිමක සිටිය.
කෙසේ වෙතත් නයිජීරියි කණ්ඩායම් පරදා 2-1ක් ලෙස එම තරගය ජය ගැනීමට මෙසීගේ කණ්ඩායමට හැකියාව ලැබුනි.

අනෙක් තරගය පැවැතියේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම හා පේරු කණ්ඩායම අතරය එම තරගයෙන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පරදා පේරු කණ්ඩායම ගෝල 2-0කින් ලෙස ජය ගැනීමට සමත්විය. පේරු කණ්ඩායම 1978 වසරින් පසුව මෙවන් දක්ෂතාවයක් දැක්වූ ප්‍රථම අවස්ථාව වන්නේ ඊයේ පැවති තරගයයි.

1978 වසරේ අවසන් තරගයේදී ඉරාන කණ්ඩායමට එරෙහිව 4-1 ලෙස ජය ගැනීමෙන් පසුව වසර 40ක් තුල ඔවුන් ලෝක කුසලාන පාපන්දු අවසන් තරග අටකට සහභාගී වුවත් ඒ කිසිදු අවස්ථාවක අවසන් තරගයකින් ජය ගෙන අවසන් කණ්ඩායම් 16 අතරට එක්වීඹට අවස්ථාව නොලැඹුනි.

මේ වන විට සී කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් 16 අතරට ඒමට හැකියාව ලබා ඇත්තේ ප්‍රංශය හා ඩෙන්මාර්ක් කණ්ඩායමය.