தமிழ்
English
Contact
Thursday 29th September 2022    
නරේන්ද්‍ර මෝඩි හා පුටින් අතර හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නරේන්ද්‍ර මෝඩි හා පුටින් අතර හමුවක්



රුසියානු ජනපති වැලැදීමීර් පුටින් හා ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝඩි අතර හමුවක් ඊයේ රුසියාවේ සෝචි නගරයේ සිදුව තිබේ. මෙම හමුව ඉන්දීය මාධ්‍ය විසින් සජීවීව පැයක පමණ කාලයක් විකාශය කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ. මේ දීනවල රුසියාවේ සෝචි නගරයට එක් ‍වූ  රටවල් කිහිපයක නායකයින් අතරද තවත් ද්විපාර්ශ්විය සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දීය අගමැතිවරයා හා රුසියානු ජනාධිපතිවරයා අතර පැවැති මෙම විශේෂ හමුවේදී සාකච්ඡාවට ගෙන තිබෙන්නේ රුසියාවේ මුලීත්වයෙන් යුරෝසියන් ආර්ථික හවුල සම්බන්ධයෙන්ය. මෙම ආර්ථික හවුල සමග නිදහස් වෙළද ගිවිසුමකට ඉන්දියාවද ඇතුලත් කර ගනිමින් නව වෙළද හා ආර්ථික කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණෙන් මෙම සාකච්චා පවත්වා ඇති බව ක්‍රෙම්ලීන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

.පැරණි සෝවියට් රාජ්‍ය කිහිපයක් වන රුසියාව,අර්මේනියාව,අසර්බයිජානය,කසකස්ථානය හා බෙලෝරුසියාව යන රටවලින් සැදි මෙම ආර්ථික හවුල 2015 වසරේදී ආරම්භ කළ අතර ඊට සම්බන්ධවීම පිළිබදව ඉන්දියාවේ දැඩි කැමැත්තක් තිබුනි. මන්ද කලාපී බලවතා වන චීනය විසින් සේද මාවත මගින් ආසියා හා අප්‍රිකා රටවල් ගණනාවක් හා යුරෝපා රටවල් එක් කරමින් දියත් කර ඇති චීන නව ආර්ථික උපාය මාර්ගයේදී ඉන්දියාවද කලාපය තුල සිය ස්ථානගත වූයේ වඩාත්ම  එක්සත් ජනපදය සමග වඩාත් සමීපවීමෙනි.

මෙම තත්වය තුලින් රුසියාව සමග පැවැති දිගු කාලීන සමීප බව යම් පමණකට දුරස්ව තිබුනි. ඉන්දියාවේ මෙම නව ප්‍රවේශය එම තත්වයන්ද යම් පමණකට වෙස්කර ගැනීමේ අරමුණෙන් බව පෙනී යයි.