தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
නලින්ද ජයතිස්සගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව 12 වැනිදාට කල් යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නලින්ද ජයතිස්සගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව 12 වැනිදාට කල් යයි!



අද පෙරවරු 10.30 ට රැස්වූ පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 12 බදාදා පස්වරු 1.00 තෙක් කල් තබා ඇති බව කථානායක කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

පෙරවරුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කථානායකවරයා විසින් කැඳවා තිබුණි. පෙරවරු 09.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වූ පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයන්ට ආරාධනා කර තිබුණි. එහෙත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් එම රැස්වීම සඳහා සහභාගී නොවූ අතර එ.ජ.නි.ස. මන්ත්‍රීවරු අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කළහ.

අද දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය සඳහා සකස්කර තිබු න්‍යාය පත්‍රය වෙනස් කරමින් පාර්ලිමේන්තුව කල්තැබිමේ යොජනාවක් ඇතුලත් කර තිබිණ. පක්ෂ නායක රැස්වීමෙදි මෙම තීරණය ගත් බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදි පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබිමේ යෝජනාය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.