தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
නවකවදයට පත්වූවන් ගැන හොයන්න ආණ්ඩුවෙන් සත්පුද්ගල කොමිසමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නවකවදයට පත්වූවන් ගැන හොයන්න ආණ්ඩුවෙන් සත්පුද්ගල කොමිසමක්



විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය හේතුවෙන් වින්දිතයන් බවට පත්වූවන්ට සහන සැලසීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුප්ගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසුරිය, ඌව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාගම්මන පඤඤානන්ද හිමි සහ ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂ ආචාර්ය බෙනට් ශාන්ත ප්‍රනාන්දු පියතුමා යන අය නම් කර තිබේ.

ආසන්න වසර කිහිපය තුළ නවකවදය හේතුවෙන් සරසවි හැරගිය සිසු සිසුවියන් පිළිබඳ සලකා බලා මාස තුනක් ඇතුලත දී සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කමිටුව නුදුරේදීම පුවත්පත් මගින් දැන්වීම් පළකර පැමිණිලි හා අභියාචනා කැඳවා සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.