தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
නවසීලන්තයේ සුපිරි වෙළඳ සැළක සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා ලාංකිකයෙක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නවසීලන්තයේ සුපිරි වෙළඳ සැළක සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා ලාංකිකයෙක්



නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළදී පුද්ගලයින් පිරිසක් ඉලක්කකර තියුණු ආයුධයකින් ප්‍රහාර එල්ලකළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් බව නවසීලන්ත පොලීසිය පවසයි.

නවසීලන්ත පොලීසිය විසින් එම පුද්ගලයාව වෙඩිතබා ඝාතනය කර තිබේ.

මාධ්‍ය අමතමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පැවසුවේ ප්‍රහාරකයා “ප්‍රචණ්ඩ අන්තවාදියෙක්” ලෙස වසර ගණනාවක් හඳුනාගෙන සිටි තැනැත්තෙක් බවය.

එම පුද්ගලයා ගේ පිහිඇනුම් හේතුවෙන් 6 දෙනෙක් තුවාල ලබා තිබුණි.

ප්‍රහාර එල්ලකළ පුද්ගලයා වසර 10ක් පමණ නවසීලන්තයේ වාසය කර ඇති තැනැත්තෙක් වන අතර ඔහු පිළිබඳව නවසීලන්ත ආරක්ෂක බලධාරීන් පසුගිය වසර 5 පුරාවට අවධානයෙන් සිටි බව වාර්තා විය.

ඔහු අයි.එස් මතවාදය සහිත පුද්ගලයෙක් ලෙස සැළකෙන බව නවසීලන්ත බලධාරීන් පැවසීය.