தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
නව ගෑස් සිලින්ඩරයට උපරිම සිල්ලර මිලක් නිවේදනය කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව ගෑස් සිලින්ඩරයට උපරිම සිල්ලර මිලක් නිවේදනය කරයි!



ලිට්‍රෝ සමාගම විසින් හඳුන්වා දී ඇති ලීටර 18 (කිලෝ 9.6) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියමකර ඇත.

ඊයේ (25) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් එක් එක් දිස්ත්‍රික්කවල අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල දක්වා තිබේ.

ඒ අනුව, නව ගෑස් සිලින්ඩරය, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රුපියල් 1150 කට ද, කළුතර දිස්ත්‍රික්කයේ රුපියල් 1158 කට ද, අළෙවි කළ හැකිය.
යාපනය එම ගෑස් සිලින්ඩරය අළෙවි කළ හැකි උපරිම මිල රුපියල් 1259 ක් වේ.
පහත සටහන් වන්නේ නිවේදනය කළ මිල ගණන්ය.