தமிழ்
English
Contact
Monday 26th October 2020    
නව තාක්ෂණයට මනම්පිටියේ වැලි හාරන ක්‍රමය ගැන මහින්ද අමරවීර කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව තාක්ෂණයට මනම්පිටියේ වැලි හාරන ක්‍රමය ගැන මහින්ද අමරවීර කියයි



මනම්පිටිය වැලි කැණීම් සඳහා නව තාක්ෂණය හඳුන්වාදෙන බවත් වැලි තොටුපළ කටයුතුවල ප්‍රමුඛතාව දිස්ත්‍රික්කයට දෙන බවත් පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

අද(3) මනම්පිටියේ වැලි මංකඩ චාරිකාවකින් පසුව ආණ්ඩුව නව තාක්ෂණය මීට යොදවන බව ඇමතිවරයා අනාවරණය කළේය. ආණ්ඩු මාරුවට පසු මනම්පිටිය වැලි කැණීමේ ව්‍යාපාරය සිය දේශපාලන හිතවතුන්ට පවරාදීමට ආණ්ඩුව ගත් පියවර සේවක විරෝධය නිසා අසාර්ථකව ඇතත් නව තාක්ෂණය යොදවන මාර්ගයෙන් හිතවතුන්ට වැලි කැණීමේ ලාභ ඉපදවීමට ආණ්ඩුව සැලසුම්කර ඇති බවඅතර දැනගන්නට ඇත. මේ රාජ්‍ය සමාගමක් යටතේ ක්‍රියාවට නගන්නට පියවර ගෙන තිබියදී දේශපාලන හෙංචයියන්ට ඒහි අවස්ථා විවිර කරදීම පිණිස ආණ්ඩුව මැදිහත් වෙමින් සිටින බව මනම්පිටිය වැලි කැණිම් සේවකයෝ චෝදනා කරති.