தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කෙරේ



පැලවත්ත අකුරගොඩ ප්‍රෙද්ශයේ ඉදිකළ නව යුද හමුදා මූලස්ථානය අද(08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘතකර තිබේ .

යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනයි.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක වෙයි.

එහි පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද මෙලෙස විවෘත කෙරුණි.