தமிழ்
English
Contact
Monday 8th March 2021    
නව වෛරස ප්‍රබේද මර්දනයට නොහැකි නිසා ද. අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් එස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම නතර කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව වෛරස ප්‍රබේද මර්දනයට නොහැකි නිසා ද. අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් එස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම නතර කරයි



ඔක්ස්ෆර්ඩ් එස්ට්‍රසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය නතර කිරීමට දකුණු අප්‍රිකාව තීරණය කර තිබේ.

දකුණු අප්‍රිකාවේ දැනට පැතිරෙමින් පවතින කොවිඩ් වෛරසයේ නව ප්‍රබේදය පැතිරීම වැලක්වීමට මෙම එන්නතට නොහැකි බව සොයා ගැනීමෙන් පසුව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම නිගමනයට එළඹ ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ, කෝවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 90% ක් නව වෛරසයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාවට ඔක්ස්ෆර්ඩ් එස්ට්‍රසොනෙකා එන්නත මිලියනයක් ආනයනය කිරීමත් සමඟ මෙම ඖෂධය භාවිතය නතර කිරීමට තීරණය කර ඇත.