தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
නාට්‍ය කලාව වෙනුවෙන් 2020 බුන්කා සම්මානය, චාමික හත්ලහවත්තට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නාට්‍ය කලාව වෙනුවෙන් 2020 බුන්කා සම්මානය, චාමික හත්ලහවත්තට !



නාට්‍යකරුවකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයකුවන චාමික හත්ලහවත්ත වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ජපාන රජය 2020 වර්ෂයට පිරිනමන බුන්කා සම්මානය හිමිකරගෙන තිබේ.

ලංකාවේ දැනට සිටින විශිෂ්ටතම නාට්‍යකරුවන් අතර කැපී පෙනෙන නාට්‍යකරුවකු ලෙස ඔහු ‘හරි අපූරු දවසක්’, ‘හයිනා’, ‘මකරට’, ‘රජා මං වහලා’, ‘බෝම්බයක් ඉතුරුයි’ යන නාට්‍ය නිෂ්පාදනයකර ප්‍රේක්ෂක අවධානය දිනා ගෙන තිබේ.

හත්ලහවත්ත, 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියට හිමි සම්මානයද දිනා ගන්නා ලදී. පසුගිය වසරවල ජනාදරයට පත් ඔහුගේ ‘රජා මං වහලා’ නාට්‍ය පිටපත වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමි විය.