தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
නාම යෝජනා බාර ගැනීම 19වනදා අවසන් - මැතිවරණ කොමසාරිස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නාම යෝජනා බාර ගැනීම 19වනදා අවසන් – මැතිවරණ කොමසාරිස්



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම බ්‍රහස්පතින්දා දහවල් 12.00 ට මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අවසන් කෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසා තිබේ.

මහින්ද දේශප්‍රිය පැවසුවේ මැතිවරණයට තරඟ කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම්වල තැන්පතු හෙට දහවල් 12.00 දක්වා භාර ගන්නා බවයි. පිළිගත් දේශපාලන පක්ෂ 46 ක් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා ඇති බවත්, COVID-19 හේතුවෙන් ඡන්දය කල් නොයන බවත් ඔහු පැවසීය.

එසේම පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය අද (17) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් බවට ප්‍රකාශයට පත්කර තිබුණ ද ඉදිරි දින තුන ඇතුළත ලැබීමට තිබූ අයැදුම්පත් අද දිනයේ ලැබෙන අයැදුම්පත් ලෙස සළකා කටයුතු කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

අද (17) හෙට (18) සහ අනිද්දා (19) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයය පත් කර තිබීම හේතුවෙන් ඉදිරි දිනවලද ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමට තීරණය කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරිම පාලනය කිරිම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.