தமிழ்
English
Contact
Friday 18th September 2020    
නායකත්වය ගැන තීරණයක් ගන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නායකත්වය ගැන තීරණයක් ගන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ



එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (14) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

නායකත්වය තෝරාපත් කරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කර ඇත.