தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
නාවිකභටයන් ආසාදිතයන්වීම ගැන ඇත්ත යටකිරීමෙන් පරස්පර අදහස් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නාවිකභටයන් ආසාදිතයන්වීම ගැන ඇත්ත යටකිරීමෙන් පරස්පර අදහස් !



නාවික හමුදා භටයන් පිරිසක් සුදුවැල්ල මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමේ මෙහෙයුමකදී ආසාදනයට ලක්ව ඇති බවට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දිගින් දිගටම ප්‍රකාශ කළද නාවික හමුදාපතිවරයා විසින් ඒය සිදුවූ ආකාරය අභිරහසක් බව පවසා ඇත.
කෙසේවෙතත් වැලිසර මහසෙන් කඳවුරේ නාවික භටයන් විසින් ආසන්න කාලයේ පවත්වන ලද පෞද්ගලික සබඳතා හෙතුවෙන් මෙම වසංගතය ඒම සෙබලුන්ගෙන් කඳවුරට සම්ප්‍රේෂණය වූ බවට ඇතැම් මූලාශ්‍ර ‘ලංකාවීව්ස්’ වෙත හෙළි කර ඇත. සමස්තයක් ලෙස සොල්දාදුවන් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් පීඩාවට පත්කරන තත්වයක් පසුගිය වසර දසක කිහිපයක සිට පැවතුණි. ඒ් හේතුවෙන් ඔවුන් විසින් විවිධ විකල්ප ක්‍රමවලින් සිය ආතතික තත්වය සමනය කරගැනීමේ ඇබ්බැහිවීම් දක්නට ලැබේ. ලිංගික ශ්‍රමිකයන් කරා යාම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඒයින් ජනප්‍රිය ආකාරයන්ය. ආරක්ෂක හමුදාවලට නොමිලයේ දුම්වැටි පිරිනමන ක්‍රමයක් ඇතත් මත්පැන් සාද පවත්වන්නේ හමුදා නිලධාරින් විසිනි. නමුත් යුද සමයේ ලිංගක ශ්‍රමිකයන් සැපයීම සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන නගර ගණනාවක් ප්‍රසිද්ධියට පත් විය. ඒහෙත් යුද සමයෙන් පසුව කඳවුරු වෙත සීමා වූ ඇතැම් සොල්දාදුවන්ට සිය මානුෂික අවශ්‍යතා සොයාගත හැකි වූයේ කඳවුරු ආශ්‍රිත පරිසරයෙන්ය.
මේ අතර, කොරෝනා ආසාදනය නාවිකයන් අතර පැතිර යාම ආන්ඩුවටද අවාසිදායක තත්වයක් බවට පත්ව තිබේ. නාවික භටයන් මත්ද්‍රව්‍ය නාශක කාර්යයන්ට පුහුණුව ලබා ප්‍රවීණත්වයක් ඇති පිරිසක්වන අතර වසංගත සමයකදී ඒය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතුකර නැති බවට චෝදනා ඒල්ල විය. විශේෂයෙන්ම වසංගත තත්වය සම්බන්ධ දේශපාලන අරමුනු අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතළ විරෝධයක් ඒල්ල විය. ඒහිදී කරුණු දක්වනු ලැබුවේ ආණ්ඩුවේ යුද මානසිකත්වය ඇති නායකයන් විසින් තමන්ට සපුරාගත යුතු ඉලක්ක සියල්ලම සොල්දාදුවන් ලවා සපුරා ගැනීමේ මුග්ධ පියවරයන් නිසා නාවික භටයන් ගොදුරු වූ බවටය.
කෙසේවුවද, වැලිසර නාවික හමුදාභටයන් සම්බන්ධව ආණ්ඩුව මේ දක්වා ලබාදුන් තොරතුරු අවලංගුකරමින් කොරෝනා වයිරසය ඔවුන් අතරට ආවේ කෙසේද යන්න තවමත් අබිරහසක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ ලංකාදීප පුවත්පතට පවසා ඇත. තවදුරටත් ප්‍රකාශයක් කරමින් වැලිසර නාවික හමුදා කඳවුරේ සිටිය යුතු අවම පිරිස පමණක් තබාගෙන අනෙකුත් භටයන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යවා මුළු කඳවුරම පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි නාවික හමුදාපතිවරයා පවසා තිබිණි.