Posted on 09.13.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තමා අධිකරණයට පැමිණීමට නොහැකි වූවේ රාජකාරී කටයුත්තකට විදේශ ගතවීමට සිදුවූ නිසා බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න පවසා තිබේ.
තමන් ව පිලිබඳ රහස් පොලීසියට දැනුම් දී තිබූ බවද ඔහු සඳහන් කර ඇත.
2008 වසරේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු වන ‘නේවි සම්පත්’ හෙවත් ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට පොලිසිය මගහැර රටින් පිටවී යාමට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ආධාර අනුබල දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මස 29 වැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇත්තේ එරට ආරක්ෂක ඇමැතිවරයාගෙන් ලද ආරාධනයකට අනුව බවය ආණ්ඩුව පවසා තිබුණි.
මේ අතර චෝදනා ලබා සිටින හමුදා භටයන් සම්බන්ධ පරීක්ෂණ සඳහා පොලිසියට සහාය නොදෙන මෙන් පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුදා ප්‍රධානීන්ට නියෝග කළ බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.