தமிழ்
English
Contact
Sunday 28th February 2021    
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය අපිට බාර දෙන්න, ඩො.මි. 100න් කරන්න පුළුවන් - වරාය ඉංජිනේරු සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය අපිට බාර දෙන්න, ඩො.මි. 100න් කරන්න පුළුවන් – වරාය ඉංජිනේරු සංගමය



කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා විදෙස් රටකින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් ලබාගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වාණිජ ණයක් වශයෙන් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙය ඉටු කළ හැකි බවත් ශ්‍රී ලංකා වරාය ඉංජිනේරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ආර්. පි. පී. ක්‍රිෂාන්ත සඳහන් කර ඇත්තේ නැගෙනහිර පර්යන්තයේ ටර්මිනල් තුනක් දැනටමත් ක්‍රියාත්මක වන නිසාත් දැනටත් එයින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වාර්ෂිකව ඉපයිය හැකි නිසාත් 100%ක් වරාය අධිකාරිය යටතේම පවත්වා ගනිමින් මෙය සංවර්ධනය කළයුතු බවයි. ඔහු සඳහන් කරන්නේ තවත් වර්ධනය වීමේදී ඩොලර් මිලියන 250ක් පමණ ඉපයිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් කමිටුවට තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන බවත් එම සැලැස්ම අනුව වසර දෙකහමාරකින් මෙම පර්යන්ත ව්‍යාපෘතිය නිම කළ හැකි වනු ඇති බවත් වරාය ඉංජිනේරු සංගමය සඳහන් කර තිබේ.