தமிழ்
English
Contact
Saturday 19th June 2021    
නැවේ ගින්නෙන් වූ පරිසර හානිය අධ්‍යයනයට කමිටුවක් පත්කරනවා - මහින්ද අමරවීර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නැවේ ගින්නෙන් වූ පරිසර හානිය අධ්‍යයනයට කමිටුවක් පත්කරනවා – මහින්ද අමරවීර



එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය ඇස්තමේන්තු කිරීම සඳහා විදේශ විශේඥ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.

ඇමතිවරයා පවසන ආකාරයට ජනාධිපතිවරයා විසින් පරිසර විනාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට ප්‍රථම විනාශය සම්බන්ධ අධ්‍යනයක් සිදුකිරීම සඳහා සමුද්‍රීය පරසර ආරක්ෂණ අධිකාරිය , මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කිරීමට නියමිතව තිබේ.

විදෙස් විශේෂඥයන්ගේ ද සහාය ඇතිව සිදුකරන මෙම ඇස්තමේන්තු කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව මහින්ද අමරවීර පවසයි. ඇමතිවරයා පවසන ආකාරයට දැනට දළ ගණනය කිරීමක් හෝ සිදුකිරීමට නොහැකිව තිබේ.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකායේ නිළධාරීන් විසින් කොළඹ වරාය පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ල සමබන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා තිබුණි.