தமிழ்
English
Contact
Saturday 19th June 2021    
නැව ගිනිගැනීමෙන් පසු සාගර ජීවින් රැසකගේ සිරුරු වෙරළට ගොඩගසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නැව ගිනිගැනීමෙන් පසු සාගර ජීවින් රැසකගේ සිරුරු වෙරළට ගොඩගසයි



එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම සහ මුහුදු බත් වීමෙන් පසු මියගිය සාගර ජිවින්ගේ සිරුරු රැසක් වෙරළ තීරයන්ට ගොඩගසා ඇති බව වාර්තා වේ.

ඒ අතර කැස්බෑවන් ,ඩොල්ෆින් මසුන්, මුහුදු පක්ෂීන්, වෙනත් වර්ගයේ මසුන් සිටින බව වාර්තා වේ.

මෙම සාගර ජීවීන්ගේ හදිසි මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදුකරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසා තිබේ.

පුත්තලම් වෙරළ තීරයේ සිට මිරිස්සා වෙරළබඩ ප්‍රදේශ දක්වා වෙරළට ගොඩගසා ඇති සාගර ජීවීන් හමුවෙමින් තිබේ.

සත්ත්ව හා ශාක ආරක්ෂණ ආඥා පනත යටතේ සියලුම මුහුදු කැස්බෑවන් සහ බිත්තර වැනි දේ ආරක්ෂා කර ඇති නිසා ඔවුන්ගේ සිරුරු අධිකරණ නියෝගයකින් පසුව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා යවා තිබේ.

එම කැස්බෑ සිරුරු උස්වෙටකෙයියාවා, පානදුර, උණවටුන, වැල්ලවත්ත, මොරටුව සහ ඉඳුරුව වෙරළ තීරයේ වෙරළට ගසාගෙන ගොස් ඇත. තුවාල සහිත කැස්බෑවන් දෙදෙනෙකු උණවටුන වෙරළ තීරයෙන් සොයා ගෙන තිබේ. බොහොමයක් කැස්බෑවුන්ගේ කටුව ප්‍රදේශයට හානිවී ඇති බව වාර්තා වේ.

අද උදෑසන කොස්ගොඩ වෙරළට ගසාගෙන ගොස් මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු හමුවී ඇති අතර තවත් මියගිය කැස්බෑවන් පස් දෙනෙකු පයගලා සහ පනාදුර වෙරළබඩ ප්‍රදේශවලින්ද සොයාගෙන තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් පසු මාළු විශේෂ කිහිපයක් සහ මුහුදු පක්ෂීන්ගේ සිරුරද වෙරළට ගසාගෙන ගොස් ඇති බව ද පැවසේ.