தமிழ்
English
Contact
Saturday 19th June 2021    
නැවෙන් වන්දි ගැනීමට තවත් ගැටළුවක් - සිදුවූ හානිය හොයන්න පරිසර අමාත්‍යංශයට බලතල නැතිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නැවෙන් වන්දි ගැනීමට තවත් ගැටළුවක් – සිදුවූ හානිය හොයන්න පරිසර අමාත්‍යංශයට බලතල නැතිලු!



වෙරළ සංරක්ෂණයට අදාළ ආයතන දෙකක් පරිසර අමාත්‍යාංශයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට පැවරීම නිසා ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නැවෙන් සිදුව ඇති පරිසර හානිය පිළිබඳව විමර්ශනය කිරීමට පරිසර අමාත්‍යාංශයට බලතල නැතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශයෙන් ඉවත්කර ඇති බවත් පවතින්නේ මධ්‍යම පරිසර අධිකාරිය පමණක් වීමත් මීට හේතුව වී ඇතිබව පැවසේ.

එසේම නැවෙන් සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව නිසි විමර්ශනයක් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ශී‍්‍ර ලංකාව සතුව ඇත්තේ සීමාසහිත ප‍්‍රමාණයක් බවත් ඒ නිසා ඕස්ටේ‍්‍රලියා වැනි රටක සහාය මේ සඳහා ලබා ගැනීමට සිදුව ඇති බව පරිසර අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

එසේ නොවුණහොත් මෙම නැවෙන් සිදුව ඇති හානිය නිසි ලෙස තක්සේරු කිරීමට නොහැකි වීම නිසා අදාළ වන්දි ලබා ගැනීමේදී ශී‍්‍ර ලංකාවට අවාසියක් සිදුවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.