தமிழ்
English
Contact
Saturday 16th January 2021    
නිදහස් කළ පොලිස් ලොක්කාගෙන් මාධ්‍යවේදි කසුන් පුස්සෙවෙලට මරණ තර්ජන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහස් කළ පොලිස් ලොක්කාගෙන් මාධ්‍යවේදි කසුන් පුස්සෙවෙලට මරණ තර්ජන!



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව විසින් සිය ෆේස්බුක් පිටුව හරහා මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට මරණ තර්ජන එල්ලකර ඇති බව වාර්තා වේ.

2012 නොවැම්බර් 10 වැනිදා අලුයම වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඝාතන සිදුවීම පිළිබද කරුනු අනාවරණය කරමින් තමන් විසින් රචිත ’12-11-10 වැලිකඩ’ කෘතිය එළිදැක්වීමෙන් පසුව සමාජ ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර හා බලපෑම් එල්ලවීම සිදුකර ඇති බව ඔහු පවසයි. වැලිකඩ ඝාතනය පිළිබද කරුනු අනාවරණය කිරීම හා අදාළ විමර්ශන සම්බන්ධ පසුවිපරම් කරමින් වාර්තාකරනයේ යෙදීම නිසා දිගින් දිගටම සිදුවෙන බලපෑම් කිරීම්, තර්ජනය කිරීම් සහ අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් සිදුකරමින් ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් සාක්ෂි සහිතව පැමිණිල්ලක් කසුන් පුස්සෙවෙල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට,  අගවිනිසුරුවරයාට, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිවරයාට සහ ‘සාක්ෂිකරුවන් හා වින්ඳිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය’ ඇතුළු ආයතන ගණනාවකට යොමු කර තිබේ.

වැලිකඩ බන්ධනාගාර ඝාතනයට අදාලව පවතින නඩුවේ අත්අඩංගුවට පත් සැකකරුවන් හා සම්බන්ධ පාර්ශවයන් විසින් එම අපරාධ නඩුවේ සාක්ෂිකරුවන්ට හා වින්දිතයින්ට විවිධ බලපෑම් සිදුකරමින් සිටින බව මාධ්‍යවේදියා එම පැමිනිල්ලෙන් දක්වා ඇත. පසුගිය ජනවාරි මාසයේ සිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව වැලිකඩ ඝාතන සිදුවීමේ චෝදනාවට ලක්වූවෙකි. ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා මාධ්‍යවේදී පුස්සෙවෙලගේ ජායාරූප පළ කරමින් විවිධ තර්ජන සිදු කර ඇත. වැලිකඩ බන්ධනාගාර ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් හා ක්‍රියාකාරීව කටයුතු කළ කන්ඩායම් වෙතද මෙලෙස විවිධ ආකාරයෙන් තර්ජනය කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

පොලිස් පරික්ෂක රංගජීව විසින් දෙසැම්බර් 23 වැනිදා සිට නැවත එම බලපෑම් සහගත තර්ජනයන් සමාජ ජාල ඔස්සේ ඉදිරිපත්කර ඇති බව කසුන් පුස්සෙවලෙ විසින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසයි. මෙම බලපෑම් හා තර්ජන සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, තමන් මෙරට ගෞරවනීය පුරවැසියෙකු ලෙසත්, මාධ්‍යකරුවෙකු ලෙසත් කටයුතු කරන්නෙකු බවත්, තමන් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකු හැර වෙනත් කිසිඳු දේශපාලන හෝ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන කිසිඳු සංවිධානයක කටයුතු කරන්නෙකු නොවන බවත්, සිය වෘත්තීය ජීවිතයට අදාලව බලපෑම් කිරීමත්, සාක්ෂිකරුවන් හා වින්දිතයන්ට එල්ල කෙරෙන මෙම තර්ජනයන් පිළිබඳව කඩිනමින් සොයා බලා කටයුතු කළ යුතු බවත් ඔහු සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.