தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
නිදහස් පක්ෂය තවත් පක්ෂ 31ක් සමඟ සාකච්ඡාවක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහස් පක්ෂය තවත් පක්ෂ 31ක් සමඟ සාකච්ඡාවක



පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර අද (11) සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පවත්වා තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතු වෙන්න කැමැත්ත දක්වා තිබෙන දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.