தமிழ்
English
Contact
Monday 6th July 2020    
නිදහස් සහ සාධාරණව මැතිවරණයට අවශ්‍ය වාතාවරණය හදනවා - ජනාධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහස් සහ සාධාරණව මැතිවරණයට අවශ්‍ය වාතාවරණය හදනවා – ජනාධිපති



සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛතාවය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කොවිඩ් මර්දනය සඳහා කැපවීමෙන් ක්‍රියා කළේ මැතිවරණයක් පැවැත්වීමට අපේක්ෂාවෙන් නොව ජනතාවත් රටත් මාරාන්තික වෛරසයෙන් බේරා ගැනීමේ අරමුණින් බව ජනාධිපතිවරයා පවසා ඇත.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා කරනු පිණිස ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ සඳහන් කෙරිණි.

ජනාධිපතිවරයා සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛතාවය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසන බව කතාවලදී පැවසුවත් ක්‍රියාත්මක කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව දක්නට ලැබෙන්නකි. උදාහරණයකට තොණ්ඩමන්ගේ අවමගුලේදී ආණ්ඩුව විසින්ම සෞඛ්‍යාරක්ෂණ උපදෙස් උල්ලංඝණය කළා පමණක් නොව එය වතුකරයේ ජනතාවගේ ඡන්ද කොල්ල කෑම සඳහා තොණ්ඩමන්ගේ පුතා සඳහා ප්‍රවර්ධනය කරන මැතිවරණ ප්‍රචාරණ ස්වරූපයක් ගනු ලැබුණි. ඊට අමතරව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වසංගත සමයේ සහ මේවනවිට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ජනතාවට බඩු බෙදමින් සිටියි. එසේම මැතිවරණයට නාම යෝජනා ලබාදුන් දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් සිටියි. අනෙක් මාධ්‍ය බොහොමයක දක්නට ලැබෙන්නේද එවැනි තත්ත්වයකි.