தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
අනීතිකව රඳවා සිටි දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා නිදහස් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනීතිකව රඳවා සිටි දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා නිදහස් කරයි



ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේදී විරෝධතාවක නිරතවීමෙන් පසු අත්අඩංගුවට ගෙන නිරෝධායනය නමින් පල්ලෙකැලේ හමුදා කඳවුරේ සිිරගත කළ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සහ වෙනත් කම්කරු සංවිධානවල නියෝජිතයන් පිරිස නිදහස් කර තිබේ.

පසුගිය ජූලි 7 වැනිදා කොළඹ 2 රාමනායක මාවතේ ඉංජිනේරු සංස්ථාවේ පැවති සේවක විරෝධතාවකට සහාය පළ කිරීමේදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනාගේ PCR පරික්ෂණවල ප්‍රතිඵල අනුව, ඔවුන්ට කොරෝනා ආසාදනයක් නොමැති බව පසුගියදා තහවුරු විය.