Posted on 01.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මුව ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් ගතවූ මාස තුනක කාලය තුළදී පුද්ගලයින් 2500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ.
එම නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ අයට අහඹු ලෙස පී. සී. ආර්. පරීක්ෂණවලට හා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු 48දෙනකු කොවිඞ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයිද ඔහු පවසා ඇත.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට නිරෝධායන රීතීන් උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඔවුන් රැපිඩ් ඇන්ටිජන් හා පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට අමතරව ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.